බත්තරමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන මහා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම වැඩබලන පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් |
දිනය : | 2023-10-30 |
බත්තරමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන මහා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්. 26) එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
එම්.ඩී.එච්. ජයවර්ධන මහා විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වරට ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්කරමින් දරුවන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීමට හැකිවීම සතුටක් බව එම විදුහලේ විදුහල්පතිනිය වන විජිතා ලක්ෂ්මි ලියනගේ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවාය.
මෙහිදී පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ‘පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය’ යන මැයින් ප්‍රධාන දේශනය ඉදිරිපත් කරන ලදී. ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ට පාර්ලිමේන්තු ක්‍රියාවලිය සහ සම්ප්‍රදායන් පිළිබද දැනුම ප්‍රායෝගික අත්දැකීම් සහිතව වඩාත් සරලව මෙහිදී ඉදරිපත් කෙරිණි.
අනතුරුව පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල රැස්වීමේදී චාලිත කුමේශ් සිසුවා කථානායක ලෙස තේරී පත්වූ අතර අගමැති ප්‍රමුඛ ඇමතිවරුන්ගේ කෙටි අදහස් දැක්වීම්වලින් අනතුරුව රැස්වීම කල්තබන ලදී.
මෙහිදී පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාගේ අතින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරයන්ට නිල ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රදානය ද සිදුකරන ලද අතර එම විදුහල් පුස්තකාලයට ග්‍රන්ථ ප්‍රදානය කිරීමක් ද සිදුවිය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය සංවිධානය කළ මෙම වැඩසටහන සදහා පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමනාකරු නිම්මි හාතියල්දෙනිය, ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඩබ්.එන්.කේ. ඒකනායක යන මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











