ශ්‍රී ලංකාවේ උත්තරීතරම ආයතනයේ පුහුණුවක් ලැබීමට අවස්ථාව ලැබීම විරල අවස්ථාවක්, උපරිම දැනුම ලබා ගන්න - පාර්ලිමේන්තු වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා නවක සීමාවාසිකයින් හමුවේ පවසයි |
දිනය : | 2023-10-24 |
2023/2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) සමඟ එක්ව පාර්ලිමේන්තුව තුළ, නවක සීමාවාසිකයින් සඳහා ලබා දෙන පුහුණුව සමාරම්භක අවස්ථාව ඊයේ පවත්විණි. ඒ පාර්ලිමේන්තු වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
නවක සීමාවාසිකයින් ලෙස දිවයින පුරා විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන් 48 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර පුහුණුව සදහා සුදුසුකම් ලබා ඇත. මෙහිදී නවක සීමාවාසිකයින් ආමන්ත්‍රණය කරමින් පාර්ලිමේන්තු වැඩ බලන මහලේකම්වරයා, ලක්ෂ ගණනක් වූ විශ්වවිද්‍යාල සිසුන් අතරින් ශ්‍රී ලංකාවේ උත්තරීතරම ආයතනයේ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ලැබීම විරල අවස්ථාවක් බව පෙන්වා දුන්නේය. ඒ අනුව අද සිට ඉදිරි මාස 06ක කාලය තුළ පාර්ලිමේන්තුවේ ගත කරන සෑම කාල සීමාවකම ලබා ගත හැකි සියලුම දැනුම හා අත්දැකීම් ලබාගැනීමට කටයුතු කරන ලෙස, ඒ මහතා නවක සීමාවාසිකයින්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම තමන්ගේ විශ්වවිද්‍යාලයේ ගෞරවය ආරක්ෂා කරමින් එහි කීර්තිය තව තවත් වර්ධනය කිරීමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසද වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩ බලන මහලේකම්වරයා පැවසීය.
මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ව්‍යුහය පිළිබඳව, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා, ආහාර සැපයීම සහ ගෘහ පාලන සේවා අංශයේ අධ්‍යක්ෂ ආර්.එච්. එදිරිසිංහ, සම්බන්ධිකරණ ඉංජිනේරු එල්.ඩී. අධිකාරි, නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරක (ඉංග්‍රීසි) කෝකිලා සමරසේකර යන දෙපාර්තමේන්තු ප්‍රධාන මහත්ම මහත්මීන් විසින් සීමාවාසිකයින් දැනුවත් කරන ලදී. අනතුරුව නව සීමාවාසිකයින් පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය මගින් අදාළ දැනුවත් කිරීම් සිදුකරන ලදී.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයයේ (NDI) නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම













