ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට නව සාමාජිකයන් |
දිනය : | 2023-10-20 |
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පලනි දිගම්බරම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. රාමේෂ්වරන් මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වය අත්හැර යෑම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111(13) සහ 130(3) හි විධිවිධාන අනුව, 2023 ඔක්තෝබර් 19 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයරත්න හේරත් මහතා සහ ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්. 20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද සිදු වූ සිදුවීම සම්බන්ධව විමර්ශනය කිරීමට කමිටුවක්
අද (20) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය හා ගරු රෝහණ බණ්ඩාර හා ගරු සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීමතුන්ලා අතර සිදු වූවා යැයි, තමා වෙත දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව විමර්ශනයකොට වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කථානායකතුමාගේ සභාපතිත්වයෙන් පහත සඳහන් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව කමිටුවේ සභාපතිත්වයට ගරු අජිත් රාජපක්ෂ මහතා පත් කොට ඇති අතර කමිටු සාමාජිකයන් ලෙස ගරු චමල් රාජපක්ෂ , ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ , ගරු ගයන්ත කරුණාතිලක සහ ගරු ඉමිතියාස් බාකීර් යන මහත්වරු පත් කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






