ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කාර්යමණ්ඩලයට පුහුණු වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී |
දිනය : | 2023-10-20 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ කාර්යමණ්ඩලයට අයත් පර්යේෂණ නිලධාරින් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් එම වැඩසටහන සංවිධානය කරන ලදි.
කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් මහජන නියෝජිතයින් වෙත කඩිනමින් තොරතුරු ලබා දීමේදි කාලීන සමාජ, ආර්ථික, මෙන්ම දේශපාලනික කරුණු පිළිබඳව මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳවද පුළුල් අවබෝධයක් තිබීම වැදගත් වේ. උක්ත වැඩසටහන තුළදී පාර්ලිමේන්තුවේ සභාගර්භයේ කටයුතු සිදු වන ආකාරය, ස්ථාවර නියෝග, හැන්සාඩ් වාර්තා, පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශය, පාර්ලිමේන්තුව පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයන් ආදිය පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට ලක් කිරීම සිදු විය.
මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු සංචාරයක්ද අන්තර්ගත වූ අතර, එමඟින් පාර්ලිමේන්තුවේ සුවිශේෂි ස්ථාන හා ඒවායේ විශේෂතා පිළිබඳව විවෘත සංවාදයකද නිරතවීමට එම නිලධාරින්ට අවකාශය සැළසුණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









