වාර්ෂික සන්නද්ධ හමුදා අණුස්මරණ දිනයට සමගාමීව පොපි මල පැළඳවීම පාර්ලිමේන්තුවේදී |
දිනය : | 2023-10-19 |
වාර්ෂික සන්නද්ධ හමුදා අණුස්මරණ දිනයට සමගාමීව පොපි මල පැළඳවීම පාර්ලිමේන්තුවේදී ඊයේ (ඔක්. 18) සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා විසින් අග්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන මහතාට පොපි මල පළදවනු ලැබූ අතර අග්‍රාමාත්‍ය තුමන් විසින් ඒ සදහා මුල්‍ය දායකත්වය දක්වන ලදී.
ඉන් අනතුරුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට පොපි මල පැළඳවීම සිදු විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියට සහ වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතාට පොපි මල පැළඳවීම සිදු විය.
පළමුවන සහ දෙවන ලෝක සංග්‍රමයන්හිදි මෙන්ම පසුගිය තිස් වසරක පැවති අභ්‍යන්තර යුධ ගැටුම්වලදී දිවි අහිමි වූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අණුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව මෙම පොපි සැමරුම සංවිධානය කරනු ලබයි. මෙමගින් ලැබෙන ආදායම විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සදහා වැය කරනු ලබයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ගරු මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, ගරු භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කන්කානම්ගේ, සන්නද්ධ හමුදා අණුස්මරණ පොපි කමිටු සභාපති බ්‍රිගේඩියර් හේමන්ත ලියනගේ සහ කමිටු සාමාජිකයින් වන කපිතන් ටී.එම්. එච් මඩුගල්ල, කේ.එල්.එස් ජයවීර, ආර්.බී ජයතිස්ස යන මහත්වරුන්ද අයි. ඩී.ආර්.ඒ පද්මිනි මහත්මියද එක්විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










