ඊශ්‍රායල්-පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදය හෙට (ඔක්. 20) - පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරේ |
දිනය : | 2023-10-19 |
ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදය හෙට (20) පැවැත්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.
මේ අනුව හෙට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමකින් තොරව පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පොදු එකගතාවයකින් ගෙනෙන යෝජනාවක් ලෙස විවාදය පැවැත්වීමට නියමිතව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උදය ගම්මන්පිල මහතා යෝජනාව ඉදිරිපත් කිරීමටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් එය ස්ථිර කිරීමටත් නියමිත ය.
ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද ගැටුම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දහස් ගණනක් ජනතාව මිය ගොස් ලක්ෂ ගණනක් ජනතාව තුවාල ලබා අවතැන් වීම, විශාල ශ්‍රී ලංකිකයන් පිරිසක් මැද පෙරදිග සේවය කිරීම, ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික අහිතකර තත්ත්වයන් ඇතිවීම යනාදී කරුණු හේතුකොට ගෙන මෙම ඉල්ලීම සිදු කරමින් විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
තවද හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සමාගම් පනත යටතේ අංක 2323/41 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේ අංක 2294/54 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව අංක 2354/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති ප්‍රකාශනය ද පෙ.ව. 9.30 ට පමණ විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද මෙහිදී එකඟත්වය පළ විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










