ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආබාධ සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු සංචාරයක

දිනය : 2023-10-17

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණේ දිවයින පුරා ඒකාබද්ධ සිටින ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ශාරීරික ආබාධ සහිත පිරිසක්  අද (ඔක්. 17) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ.

ඒ පාර්ලිමේන්තු ක්‍රියවලිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙන්ම පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් මුණගැනීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියගෙන් සිදුකළ ඉල්ලීමට අනුවයි.

මෙහිදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය විසින් එම පිරිසට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය දැනුවත්කිරීම් සිදුකරන ලදී.

පසුව මෙම පිරිස, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා හමුවී සුහද සාකච්ජාවක නිරතවූහ. එහිදී එම පිරිස තම ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ගැටලු හා අභියෝග පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. එම පිරිස සිහිපත් කළේ ඔවුන්ට අවශ්‍ය වන්නේ සමාජයතුළ විශේෂ අවස්ථා නොව සම අවස්ථා බවයි.

වර්තමානය වන විට ආබාධ සහිත ප්‍රජාවට අවශ්‍ය දේ සැපිරීම හා සම අවස්ථා ලබාදීම වෙනුවෙන් සමාජ තුළ කවරදාටත් වඩා කතිකාවත් නිර්මාණය වීම සුභදායක බව මෙහිදී කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ අවස්ථාව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ගරු (නීතිඥ) මධුර විතානගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත සමරවීර හා මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන් මෙන්ම ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණේමේ සාමාජිකන් පිරිසක් සහභාගී වී සිටියහ.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව එම පිරිස සමූහ ජායාරූපයකට පෙනී සිටි අතර මේ අවස්ථාව සඳහා ගරු අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී සහභාගී විය.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි