ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පනත් කෙටුම්පත් 05කට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2023-10-17

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදි සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්. 17) සිය සහතිකය සටහන් කළේය.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), මැතිවරණ (විශේෂ විධිවිධාන), ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර, ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) සහ සිවිල් ගුවන්සේවා (සංශෝධන) යන පනත් කෙටුම්පත් වලට කතානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ.

‍ඒ අනුව, 2023 අංක 20 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත, 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත, 2023 අංක 22 දරන ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත, 2023 අංක 23 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත සහ 2023 අංක 24 දරන සිවිල් ගුවන්සේවා (සංශෝධන) පනත අද (17) සිට බලාත්මක වේ.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි