ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සෙයියඩ් අලි සාහිර් මෞලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2023-10-17

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සෙයියඩ් අලි සාහිර් මෞලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (ඔක්. 17)  කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළේය. එම තීරණයට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම 2023 ඔක්තෝබර් 06 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙන් නිෂ්ප්‍රභ කර ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13)(අ) ව්‍යවස්ථාව අනුව, මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් 2023 ඔක්තෝබර් 06 දින සිට පවතින බව නිවේදනය කෙරිණි.

ඒ අනුව, නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වීමත් සමග එම මන්ත්‍රී ධුරය සඳහා අලි සහීර් මෞලානා මහතා මෙලෙස පත්වී තිබේ.

1988 සිට ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු සේයෙඩ් අලි සාහිර් මෞලානා මහතා 1994 සිට 2004 දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.  

ඒ මහතා මීට පෙර 2015 – 2020 අටවැනි පාර්ලිමේන්තුවේ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය, ජාතික ඒකාබද්ධතා සංහිඳියාව සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය සහ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය යන අමාත්‍යධුර හොබවා තිබේ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි