ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka
Message
  • Sorry this content is not available in this language

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

දිනය : 2023-10-13

  • “චැනල් 4” චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව 17 වැනිදා පාර්ලිමේන්තුවට

 

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 17 සිට 20 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.

පසුගිය 6 වැනිදා නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු ක‍ටයුතු තීරණය වී ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.   

 

2023 ඔක්තෝබර් මස 17 වැනි අඟහරුවාදා පෙ.ව. 10.30 ට පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වැඩ බලන මහලේකම්වරයා පවසයි.

ඉන්පසු බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම සහ ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සිදු කිරීමට නියමිත ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) ශත සංවත්සරය වෙනුවෙන්  කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

 

2023 ඔක්තෝබර් මස 18 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2339/06 සහ 2347/10 දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග දෙකක් විවාදයට ගැනීමට ද එකඟත්වය පළවී ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා  විරුද්ධ පාර්ශ්වය    ගෙනෙන ‍යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

 

2023 ඔක්තෝබර් මස 19 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා රේගු ආඥා පනත යටතේ අංක 2329/46 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, රේගු ආඥාපනත යටතේ අංක 2336/72 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය විවාදය ගැනීම සිදුවේ.

තවද නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2334/23, 2336/69, 2338/58,  දරන ගැසට් පත්‍රවල පළ කළ නියමයන් තුනක්, මුදල් පනත යටතේ අංක 2334/24, 2340/42 දරන ගැසට් පත්‍රවල පළ කර ඇති නිවේදන දෙකක්, මුදල් පනත යටතේ අංක 2329/19, 2342/24 දරන ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග දෙකක් සහ සුරාබදු ආඥාපනත යටතේ අංක 2336/70 සහ 2338/57 දරන ගැසට් පත්‍රවල පළ කොට ඇති නිවේදන දෙකක් එදින ‍විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

 

2023 ඔක්තෝබර් මස 20 වැනි සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සමාගම් පනත යටතේ අංක 2323/41 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග, මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේඅංක 2294/54 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය ද විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ඉන්පසු ප.ව. 5.00 ට පමණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව  අනුමත කිරීමට ද මෙහිදී එකගත්වය පළ වී තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා  ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙනු ඇත.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි