ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව - 2023

දිනය : 2023-10-11

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව පසුගියදා කොළඹදී ආරම්භ වුණා. එහි සමාරම්භක උත්සවය පසුගියදා (ඔක්. 09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී. “ආසියාවේ පාර්ලිමේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුළ සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය”යන්න තේමා කරගනිමින් මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද හමුව පැවැත්වේ.

මෙම හමුවේ සමාරම්භක අවස්ථාව සඳහා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ගරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන් ද, ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන්, විදෙස් රටවල් කිහිපයක රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී  වී සිටියහ.
 
යුදමය තත්ත්වයන් ඇතුළුව කාන්තාවන්ට එරෙහිව ලොවපුරා මතුව තිබෙන විවිධ වූ හිංසන වලට එරෙහිව නැගීසිටීමේ වැදගත්කම මෙන්ම ලෝකය තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීමේ වැදගත්කම පිළිබඳවද සහභාගිවූ නිලධාරීහු අදහස් දැක්වුහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිර්මාණය කිරීම ඔස්සේ මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ලබාගත් ප්‍රතිපත්තිමය තීරණ හා සිදුකළ සේවාවන්ද මෙහිදී සිහිපත් කෙරිණි.

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව සාර්ථක කරගැනීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, යන මහත්ම මහත්මීන් සඳහා සමරු තිළිණ ලබාදීමද සිදු කෙරිණි.

පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ඇතුළු පිරිස, සමුහ ජායාරූපයකටද පෙනී සිටියහ. අනතරුව ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකයින්, මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එහි සාමාජිකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වූහ.

මේ අතර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ඇතුළු පිරිස රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන වල සාමාජිකයින් සමග සාකච්ඡාවන් පැවැත්වීමට මෙන්ම නිරීක්ෂණ චාරිකා කිහිපයකට එක්වීමටද සැළසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හා එක්ව මෙවර වාර්ෂික හමුව සංවිධානය කර ඇත.

 

1 2

3 4

5 6

7 8

9

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි