ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද වාර්ෂික හමුව - 2023

දිනය : 2023-10-05

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව මෙවර කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද හමුවේ තේමාව වී ඇත්තේ “ආසියාවේ පාර්ලිමේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුළ සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය” යන්නයි.

ඒ අනුව මෙම හමුව හා ඊට අදාළ වැඩසටහන් මාලාව ඔක්තෝබර් මස 9 වැනිදා සිට 11 දක්වා   පැවැත්වේ.

මෙහි සමාරම්භක උත්සවය ඔක්තෝබර් මස 9 වැනිදා උදෑසන 10 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ. මේ අවස්ථාව සඳහා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන් ද, ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන්, විදෙස් රටවල් කිහිපයක රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

මෙම වැඩසටහන් මාලාව තුළදී ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකයින්, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධානවල සාමාජිකයින් සමග සාකච්ඡාවන් පැවැත්වීමට මෙන්ම නිරීක්ෂණ චාරිකා කිහිපයකට එක්වීමටද සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හා එක්ව මෙවර වාර්ෂික හමුව සංවිධානය කර ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි