ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සම්බන්ධ කරගැනීම වෙනුවෙන් විවෘත පාර්ලිමේන්තු වැඩමුළුවක් කෑගල්ලේදී

දිනය : 2023-10-03

විවෘත පාර්ලිමේන්තුවකට මුලාරම්භයක් සඳහාවූ පාර්ලිමේන්තු සංසදය හා සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සම්බන්ධ කරගැනීමේ විවෘත පාර්ලිමේන්තු වැඩමුළුවක් දින 03ක් පුරාවට කෑගල්ලේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය, පාර්ලිමේන්තුවේ භූමිකාව, කාර්ය භාර්ය හා මහජන නියෝජිතයන්ගේ කාර්ය භාරය පිළිබඳ විවෘත පාර්ලිමේන්තු සංකල්පය ඔස්සේ විවිධ ජන කොටස් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මහජනත‍ාව තුළ තිරසාර විශ්වාසයක් සහ අභිප්‍රේණයක් ඇති කරලීම මෙහි අරමුණ විය.

මෙම වැඩමුළුව, අගෝස්තු මස 26, 27, 28 යන තෙදින පුරාවට පැවැත්වුණු අතර 26 වැනිදා තරුණ සේවා නිළධාරීන්, තරුණ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ යෞවන සමාජ සාමාජිකයන් සම්බන්ධ වීම සිදු විය.

27 වැනිදා ව්‍යාපාරික ප්‍රජාව, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයන් සහ කෑගල්ල දිස්ත්‍රික් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහභාගී වු අතර, මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා එක්ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවෘත භූමිකාව, පනත් සම්මතකරණය හා කමිටු ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමත් සිදු විය.

28 වැනිදා වැඩමුලුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන, තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් මුලික කරගනිමින් සිදුවිය. මෙම වැඩමුලුව සඳහා දින තුනම නියෝජනය කරමින් විවෘත පාර්ලිමේන්තුවකට මුලාරම්භයක් සඳහාවූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතා සම්බන්ධවූ අතර පැමිණ සිටි පාර්ශ්ව සමග සිය අදහස් බෙදාගැනීමද මෙහිදී සිදු විය.

මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා, පාර්ලිමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

1 2

3 4

5 6

7 8

9 10

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි