ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් ඔක්තෝබර් 04 - නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි

දිනය : 2023-10-03

ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් 2023 ඔක්තෝබර් 04 බදාදා පැවැත්වීමට නියමිතව බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (ඔක්. 03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් දැනුම්දීමේ යාන්ත්‍රණ ඇගයීමේ අරමුණ ඇතිව මෙම අභ්‍යාසය කරන බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එසේම වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි