ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

"ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන" සාර්ථකව නිම කළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට සහතිකපත් සහ තිළිණ ප්‍රදානය කෙරේ

දිනය : 2023-09-22

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු කිරීමේ ආයතනය (NILET) විසින් පවත්වන ලද "ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන" සාර්ථකව නිමකළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත සහතිකපත්‍ර සහ තිළිණ ප්‍රදානය කිරීමේ "ත්‍යාග ප්‍රදානෝත්සවය" පසුගිය සැප්තැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම සහතික සහ තිළිණ ප්‍රදානෝත්සවයට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චාරණී මෙනවිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) ශ්‍යාමා ප්‍රනාන්දු මහත්මිය සහ ප්‍රධාන නිලධාරි (මානව සම්පත් සංවර්ධන) මංජුලා විතානගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

එමෙන්ම, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු කිරීමේ ආයතන‍ය (NILET) නියෝජනය කරමින් එහි සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා සහ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පී.පී.රවිරාජ් මහතා සහ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි