ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවෙයි

දිනය : 2023-09-22

පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය තාවකාලිකව අත්හිටවීම සඳහා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙනෙන ලද  යෝජනා සම්මතයට අද (සැප්. 22) පාර්ලිමේන්තුවේදී අනුමතිය හිමිවිය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්රි රහීම් මහතා විසින් සිදු කර ඇති නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති බැවින් අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ චර්යාවන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරන හෙයින්ද, එකී විමර්ශනය අවසන් වන තෙක් ගරු අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය නොකළ යුතු යැයි අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා ගෙනා යෝජනාව විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කිරීමෙන් පාර්ලිමෙන්තුව විසින් අනුමත කරන ලදී.

රු. මිලියන 74 ක් වටිනා රත්ත්‍රං 3.3kg ක ප්‍රමාණයක් සහ රු. මිලියන 4.2ක් වටින ස්මාට් ජංගම දුරකථන 41 ක් නීතිවිරෝධීව රැගෙන ආ මන්ත්‍රීවරයා සදහා දඩය රු. මිලියන 7.5 ක් පමණක් අයකරගෙන තිබීමත්  රු. මිලියන 80 ක් වටින රත්ත්‍රං තොගයක් ගෙනා ප්‍රංශ ජාතිකයෙකුගෙන් රු. මිලියන 70ක දඩයක් අය කිරීමත් නිසා මන්ත්‍රීවරයා‍ට ලිහිල් දඩයක් නියම කරේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිදී පැවසීය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි