කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් 700ක් පාර්ලිමේන්තුවට

දිනය : 2023-09-14

Print

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවල දරුවන් 700ක පමණ පිරිසක් ඊයේ (සැප්. 13) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

මෙහිදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය මගින් එම දරුවන් ඇතුළු ගුරුවරු පිරිසට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය දැනුවත්කිරීම් සිදුකිරීමට කටයුතු කරන ලදී.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී ගරු නලින් බණ්ඩාර, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් සම්පත් ජයරත්න,සහකාර වේත්‍රධාරි  එන්. අචින්ත එස්.  කුරේ යන මහත්වරුන් සමග අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටද එම දරුවන්ට අවස්ථාව උදාවුණි.

 

1 2

3 4

5