එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක්

දිනය : 2023-09-12

Print

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත්වූ ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් අද (සැප්. 12) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.

දෙරට පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට තමා බලාපොරුත්තුවන බව එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා මෙහිදී සඳහන් කළේය. මේ අතර, අලුතින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමය හරහා ක්‍රියාත්මක වන වැඩසටහන් පිළබඳව කථානායක ගරු මහින්දා යාපා අබේවර්ධන මහතා පැහැදිලි කළ අතර එක්සත් රාජධානිය දක්වන සහයෝගය පිළිබඳ ස්තූතිය පළ කළේය.  

මෙයට අමතරව, පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන්, පක්ෂ නායකයන්ට හා මන්ත්‍රීවරයන්‍ට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමට ඇති අවස්ථා, පාර්ලිමේන්තුවේ පවතින මූල්‍ය කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා ඇතුළු කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණ.

 

6 4