සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 40 කින් පරාජයට පත්වෙයි

දිනය : 2023-09-08

Print

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව අද (සැප්. 08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 40  කින් පරාජය කෙරිණි.

අද පස්වරු 5.30ට පමණ විශ්වාස භංග යෝජනාවට අදාළව පැවති ඡන්ද විමසීමේදී ඊට  විපක්ෂව ඡන්ද 113 හිමිවූ අතර යෝජනාවට පක්ෂව හිමිවූයේ ඡන්ද 73 ක් පමණි.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදය පසුගිය 06 සහ 07 සහ 08 තෙදින පැවැත්විණි.