දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි |
දිනය : | 2023-09-08 |
|
පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 07) සම්මත කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) සිය සහතිකය සටහන් කළේය.
මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙරේදා (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුව සම්මත කිරීම සිදු විය.
ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් මෙම පනත් දෙක අද (08) සිට බලාත්මක වේ.