ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු කථානායකවරයා හමුවෙයි |
දිනය : | 2023-08-09 |
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා (ජූලි 24) හමුවිය.
මෙහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවියගේ දේශපාලන දිවිය පිළිබඳ සිය සතුට පළ කළේය. දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමයන් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු වූ අතර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ යහ භාවිතයන් දිරිමත් කිරිම පිළිබඳවද දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය 1987 දී ශ්‍රී ලංකාවේදී උපත ලබා 1999දී ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමනය වී තිබේ. ඇය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ “හෝල්ට්” ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමින් 2022 ෆෙඩරල් මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දේශපාලන නියොජිතයා වෙයි.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය දේශපාලනයට පිවිසීමට පෙර ඕස්ට්‍රේලියානු බහුජාතික මූල්‍ය සමාගමක් වන වූල් වර්ත්ස් සමාගමේ සූපවේදිනියක ලෙස වසර 15ක් පමණ සේවය කොට තිබේ.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ චාරිකාවක්ද සංවිධානය කොට තිබිණි.
මෙම අවස්ථාවට, ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උදය ගම්මන්පිල, ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු වීරසුමන වීරසිංහ, ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු එහි සාමාජිකයන් ද පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහ ලේකම් හන්ස අබේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.


ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






