ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

දිනය : 2023-08-08

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා අද (අගෝ. 08) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම  පනත් කෙටුම්පත් තුනෙහි ම 2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීරණය කර තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි