ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ නව තානාපතිවරයා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි

දිනය : 2023-08-07

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ නව තානාපති, මියොන් ලී මහත්මිය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා (අගෝ. 03) පාර්ලිමේන්තුවේදී හමුවිය.

මෙහිදී පැවති සුහද සාකච්ඡාවේදී දෙරට අතර සබදතාවය අංශ කිහිපයක් ඔස්සේ වැඩිදියුණු කිරීම පිළිබද අවධානය යොමුවූ අතර   ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සහය දැක්වීමට දැනට සිදු කෙරෙන පර්යේෂණ හා සංවර්ධන සහය ඉදිරියටත් ලබා දෙන බවට තානාපතිවරයා අවධාරණය කළේය.

තවද, අධ්‍යාපනය, ප්‍රවාහනය, ජල කළමනාකරණය සහ සනීපාරක්ෂාව මෙන්ම ග්‍රාමීය සංවර්ධනය සඳහා KOICA  ආයතනය හරහා ආධාර ලබාදීම පිළිබදව ද  මෙහිදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

1 6

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි