පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සම්බන්ධ කරගැනීමේ "විවෘත පාර්ලිමේන්තු" වැඩමුළුවක් මහනුවර දී |
දිනය : | 2023-08-04 |
විවෘත පාර්ලිමේන්තුවකට මුලාරම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදය හා සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සම්බන්ධ කරගැනීමේ විවෘත පාර්ලිමේන්තු වැඩමුළුවක් දින 03ක් පුරාවට මහනුවර දී පැවැත්විණි.
මෙම වැඩමුළුව මඟින් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය, පාර්ලිමේන්තුවේ භූමිකාව, කාර්යභාර්ය හා මහජන නියෝජිතයන්ගේ කාර්යභාරය පිළිබඳ විවෘත පාර්ලාමේන්තු සංකල්පය ඔස්සේ විවිධ ජන කොටස් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මහජනතාව තුළ තිරසාර විශ්වාසයක් සහ අභිප්‍රේණයක් ඇති කරලීම මෙහි අරමුණ විය.
මෙම වැඩමුළුව, ජුලි මස 15, 16, 17 තෙදිනක් පුරාවට මහනුවර ඕක් රේ රිජන්සි හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර 15 වැනිදා තරුණ සේවා නිළධාරීන්, තරුණ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ යෞවන සමාජ සාමාජිකයන් සම්බන්ධවීම සිදු විය.
16 වැනිදා ව්‍යාපාරික ප්‍රජාව, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයන් සහ මහනුවර දිස්ත්‍රික් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහභාගී වු අතර, මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාපිත සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා එක්ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවෘත භූමිකාව, පනත් සම්මතකරණය, කමිටු ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමත් සිදු විය.
17 වැනිදා වැඩමුලුව මහනුවර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන, තෝරාගත් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් මුලික කරගනිමින් සිදු විය. මෙම වැඩමුලුව සඳහා දින තුනම නියෝජනය කරමින් විවෘත පාර්ලිමේන්තුවකට මුලාරම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතා සම්බන්ධවූ අතර පැමිණ සිටි පාර්ශ්ව සමග සිය අදහස් බෙදාගැනීමද මෙහිදී සිදු විය.
එසේම මෙම වැඩමුළු සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ප්‍රේම්නාත් සී. දොළවත්ත, ගරු ජේ.සී. අලවතුවල, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර, ගරු අසංක නවරත්න, ගරු උදයන කිරිදිගොඩ, ගරු රෝහන බණ්ඩාර, ගරු ඩිලාන් පෙරේරා, ගරු සුජිත් සංජය පෙරේරා සහ ගරු ගුණතිලක රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.
තවද මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්‍යක්ෂක (වැඩබලන) ජනකාන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














