පාර්ලිමේන්තුව අගෝස්තු 8 වැනිදා සිට 11 දක්වා රැස්වේ |
දිනය : | 2023-08-04 |
- 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය ලබන 8 වැනිදා
- ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන 9 වැනිදා
- “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය අගෝ. 10 වැනිදා
පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර, එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2023 ජූලි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.
මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.
අගෝස්තු 08 වැනි අඟහරුවාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වේ.
අගෝස්තු මස 09 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතය.
අනතුරුව ප.ව. 5.00ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.
අගෝස්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
අගෝස්තු මස 11 වැනි සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව, පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීම (ගරු චමින්ද විජේසිරි මහතා), රාවණා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදු කිරීම (ගරු බුද්ධික පතිරණ මහතා), ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම (ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය), පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම (ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා) ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා වසර පහකට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම (ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා) සහ විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම (ගරු චමින්ද විජේසිරි මහතා) යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා එදින ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






