ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

දිනය : 2023-08-04

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (අගෝ. 03) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පසුගියදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වූ කරුණු පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කථානායකවරයාට කරුණු දැක්වීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාව තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ද මෙහිදී මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම සංචාරයේදී දෙරට අතර බලශක්ති , අධ්‍යාපන, ඩිජිටල් තාක්ෂණ ආදි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව බාග්ලේ මහතා කථානායකවරයාට දන්වා සිටියේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගීතාවයට ස්තූතිය පළ කළ කථානායකවරයා මෙරටට ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව සතුට පළ කළේය.

ශ්‍රී ලංකා ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග හමුවක් කැඳවන ලෙස ඉල්ලා සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා එහි සාමාජිකයින් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. දෙරට අතර හුවමාරු වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මහකොමසාරිස්වරයා පැවසීය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය.

 

5 3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි