ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා රජයේ මුදල් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය පවසයි

දිනය : 2023-08-03

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් කිසිවක් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. මෙම අධ්‍යයන චාරිකාව වසර දෙකහමාරක පමණ කාලයක සිට රජයේ මුදල් භාවිත කිරීමකින් තොරව සංවර්ධන සහකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලද්දක් බවද මහ ලේකම්තුමිය පෙන්වා දෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙරට කාන්තාවන්ගේ සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදයන් සඳහා  පිළියම් යෙදීම පිණිස විශාල වැඩකොටක් ඉටු කරන බවත්, එම කාර්යයන් වඩා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් දියුණු රටවල අත්දැකීම් ලබා ගැනීම ඉවහල් වනු ඇති බවත් රෝහණදීර මහත්මිය තවදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විවිධ පක්ෂ නියෝජනය කළද සංසදයේ පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නායකත්වය යටතේ සංසදයේ පොදු අරමුණු ඉටු කිරීම සඳහා කටයුතු කරන බවද මහ ලේකම්තුමිය පෙන්වා දෙයි.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි