ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි |
දිනය : | 2023-07-20 |
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද දින (ජූලි 20) පාර්ලිමේන්තුවේදී පැවති අතර විවාදය අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
මෙහිදී පැවති ඡන්ද විමසීමේදී මීට පක්ෂව ඡන්ද 66 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 24 ක් හිමි විය. මේ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මත විය.
ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එක්කිරීම සිදු විය.
අනතුරුව තෙවැනි වර කියවීම සිදු වූ අතර සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






