පාර්ලිමේන්තුව ජූලි 18 සිට 21 දක්වා රැස්වෙයි |
දිනය : | 2023-07-13 |
- ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා
- දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වැනිදා
ජූලි දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 7 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
මේ අනුව පාර්ලිමේන්තුව ජූලි 18 සිට 21 දක්වා රැස්වීමට නියමිතව තිබේ. එම සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
මේ අනුව 2023 ජූලි මස 18 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 දක්වා රේගු ආඥාපනත යටතේ අංක 2325/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනා සම්මතය (235 අධිකාරය) සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2335/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.
2023 ජූලි මස 19 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත ය.
ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.
2023 ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතය.
ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට විවාදයට ගැනේ.
2023 ජූලි මස 21 වැනි සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකගත්වය පළවී ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








