ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ‍ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධානත්වයෙන්

දිනය : 2023-07-12

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ‍ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ සංවිධාන දායකත්වයෙන් පසුගිය ජූනි මස 28 වෙනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.  

ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක පාර්ලිමේන්තු  ක්‍රමය හා සම්ප්‍රදාය පිළිබඳව මෙරට තරුණ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කරමින් එම අත්දැකීම් ප්‍රායෝගිකව ළඟා කර දීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මංගල සභාවාරයේදි අභිනව කතානායකවරයා තෝරාපත් කර ගන්නා ලදී. මන්ත්‍රීවරයන් සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව, එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට අදාළව කරුණු දක්වමින් පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීය.

අනතුරුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ හා සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් හරවත් දේශනයක් ඉදිරිපත් කළ අතර ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අමතා ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව අගය කිරීමද මෙහිදී සිදුවිණ.

තවද මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මහජන සේවා නිළධාරිනී රිශ්මියා නූටාන් මහත්මිය, මහජන සේවා නිළධාරි රුද්‍රා කුමාර් මහතා, මහජන සේවා සම්බන්ධීකාරක ජෙය ප්‍රකාශ් මහතා සහ පාර්ලිමේන්තු පුහුණු නිළධාරීන්ද සහභාගී වූහ. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ සමාජ විද්‍යා සහකාර අධ්‍යක්ෂ වාසනා හෙට්ටිආරචිචි මහත්මිය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනිය එම්. රූපසිංහ මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිනිය කුකුලවිතාන මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් ද දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

වැඩසටහන අවසානයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පරිශීලනය සඳහා  පාසල් පුස්තකාලයට පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳව තොරතුරු ඇතුළත් වටිනා ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කරන ලදී.

 

1 2

3 4

5 6

7 8

9

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි