ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය ක්‍රීඩා සමාජය රාජ්‍ය සේවා කැරම් තරඟාවලියේ A හා C කාණ්ඩවල ශූරයන් බවට පත්වෙයි

දිනය : 2023-07-11

2023 රාජ්‍ය සේවා කැරම් තරඟාවලියේ A කාණ්ඩයේ සහ C කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය පසුගිය දා සමත්විය.  

A කාණ්ඩයේ අවසන් තරඟයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම ද C කාණ්ඩයේ අවසන් තරගයේදී මොරටුව විශ්වවිද්‍යාලීය කණ්ඩායම ද පරාජය කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින් ශූරතාව දිනාගන්නා ලදී.

මෙහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් A කාණ්ඩයේ තරග සදහා  සුජීව ලසන්ත (නායක), රසික රාජපක්ෂ, ගයාන් පෙරේරා, ප්‍රියන්ත ධර්මසේන සහ සංජය ප්‍රනාන්දු ද, C කාණ්ඩයේ තරග සඳහා තරිදු පෙරේරා (නායක), බවන්ත ශාමික, ප්‍රදීප් පුෂ්පකුමාර, ආර්.එම්. රත්නායක සහ චතුෂ්ක මධුසංක ද සහභාගී වූහ.

ශූරතාව දිනාගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජයට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් සුබ පැතුම් එක් කිරීම ද සිදුවිය.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි