ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ

දිනය : 2023-07-06

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස ගරු නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ජූලි 06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු ඩී. වී. චානක, ගරු විජිත හේරත්, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු අශෝක් අබේසිංහ, ගරු ජයන්ත කැටගොඩ, ගරු හර්ෂණ රාජකරුණා, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු සංජීව එදිරිමාන්න, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරීම පිණිස පත් කොට තිබේ.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි