ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායකතුමාගේ නිවේදනය - 2023.07.05

දිනය : 2023-07-05

2023.06.29 වැනි දින පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විපක්ෂ නායකවරයා සහභාගි වූ බවත් එහි දී එතුමාට අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදුන් බවත් විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් 2023.06.30 වැනි දින පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී සහ 2023.07.01 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේ දී තම අවධානයට යොමු කරන ලද බවත්, ඒ පිළිබඳ තමාගෙන් තීරණයක් ඉල්ලා සිටින ලද බවත් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ජූලි 05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් පිළිබඳ තමන් විසින් අධ්‍යයනයක් කරන ලද බවත් ඒ අනුව, පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක හා විරුද්ධ පාර්ශ්වයේ නායක යන තනතුරු සඳහා පාර්ලිමේන්තු ව්‍යූහය තුළ සහ සභාගර්භය තුළ සුවිශේෂ වරප්‍රසාද හිමි වී තිබෙන බැවින් ද මෙම තනතුරු දරන ගරු මන්ත්‍රීවරුන්ට කාරක සභාවල කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පුළුල් අවකාශයක් සහ ඉඩකඩක් හිමිවන හෙයින් ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුර සඳහා ස්ථාවර නියෝග 121(1) ප්‍රකාරව විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු පත් වී සිටින බැවින් ද,  මෙබඳු රැස්වීම්වලට විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා සහ හෝ ඉහත සඳහන් වගකිව යුතු තනතුරු දරන අය කැඳවීමට කටයුතු කිරීම යෝග්‍ය නොවන නිසා මෙකී රැස්වීමේ තොරතුරු විපක්ෂ නායකතුමා වෙත ලබා දීමට සභාපතිවරයා විසින් කටයුතු කළ යුතු බව කථානායකවරයා සභාවට අවධාරණය කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි