දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය සඳහා වූ ඡන්ද විමසීමට ගරු චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය දන්වා සිටී |
දිනය : | 2023-07-04 |
පසුගියදා (ජූලි 01) පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
උක්ත යෝජනා සම්මතය සම්මත කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා සභා ගර්භයේ නොසිටි මන්ත්‍රීවරයෙක් ලෙස මාධ්‍ය මගින් පළ කරනු ලබන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් ඒ මහතා යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිතා කොට ඇති බවත් මහ ලේකම්වරිය තවදුරටත් සනාථ කොට සිටී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






