රට තුළ මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ |
දිනය : | 2023-07-01 |
රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා ගරු ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත්කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ජූලි 01) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව, ගරු නීතීඥ සිසිර ජයකොඩි, ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, ගරු බුද්ධික පතිරණ, ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ගරු තුෂාර ඉඳුනිල් අමරසේන, ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු අසංක නවරත්න, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු තවරාජා කලෙයි අරසන්, ගරු මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා පත්කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






