ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය හෙට (ජූලි 01) පමණක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ

දිනය : 2023-06-30

•    පාර්ලිමේන්තුව ලබන සතියේ 5, 6 සහ 7 රැස්වේ

 

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය හෙට (01) පමණක් විවාදයට ගැනීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජුනි 30) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි.

මේ අනුව හෙට (01) පෙ.ව. 9.30 සිට ප.ව. 7.30 දක්වා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය ප.ව. 7.30 ට පැවැත්වෙනු ඇත. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී විය.

මේ අතර ලබන සතියේ 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට මෙහිදී තීරණය විය. මේ අනුව පාර්ලිමේන්තුව ලබන සතියේ 5,6 සහ 7 යන තෙදින පමණක් රැස්වීමට නියමිතව තිබේ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි