ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු කථානායකතුමන්ගේ හජ්ජි උත්සව දින පණිවිඩය

දිනය : 2023-06-28

spkr-mahinda-yapaතමන් කවර පැළැන්තියකට අයත් වුව ද, මනුෂ්‍යයන් ලෙස එකට - එක්ව සිතින් බැඳී  දුකේදී හා සැපේ දී  එකිනෙකා කෙරෙහි  කරුණාව, පරිත්‍යාගශීලි බව සහ ඉවසීම පතුරවන ඊදුල් අල්හා නමැති හජ්ජි උත්සව දිනය සමරන අපේ සියලු ලාංකික, මුස්ලිම් සහෝදර - සහෝදරියන්ට මාගේ හෘදයංගම සුභාශිංසනය මෙසේ පිරිනමමි.

මුළු ලෝකයටම දීර්ඝ කලක් තිස්සේ බලපාන, පවතින අසීරු තත්ත්ව යටතේ  පවා, මක්කම වන්දනාවේ යන , ඔබ සියලු දෙනා  මෙසේ  එක්ව සමරන්නේ, නබි තුමාණන් සිය දිවියෙහි  කළ අසීමිත  පරිත්‍යාගයන්ය. වාර්ෂික හජ් වන්දනාව සඳහා ලොව දස දෙසින් ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් බැතිමතුන් මක්කම නගරය සහ එහි අවට රැස්වීම, මුළු මහත් ලෝක මුස්ලිම් සමාජයේ එකමුතුභාවය පිළිබිඹු කිරීම සැබැවින්ම සතුට දනවයි.

 

ඔබ සැමට ප්‍රීතිමත් හජ් උත්සව දිනයක් වේවා!

 

මහින්ද යාපා අබේවර්ධන,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි