ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් දැනුම්දෙයි |
දිනය : | 2023-06-28 |
ජූලි මස 01 වැනිදා පෙ.ව. 9.30 පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සියලු ගරු මන්ත්‍රීවරුන් වෙත ඊයේ (ජුනි 27) ලිපියකින් දැනුවත් කොට තිබේ.
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත.
ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) නිකුත් කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






