ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2023-06-27

පසුගිය සතියේ විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (ජුනි 27) සටහන් කළේය.

ආදායම් සහ වියදම් පිළිබඳව ස්වාධීන පක්ෂග්‍රාහී නොවන ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණයක් හා දැක්මක් සහිතව රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට සිය රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමට සහාය වීම මෙන්ම යම් පිළිගත් පිළිගත් දේශපාලන පක්ෂයකට සහ යම් ස්වාධීන කණ්ඩායමකට සහාය වීමත් අරමුණු කරගනිමින් මෙම අයවැය කාර්යාලය පිහිටුවීම සිදු කෙරිණි.

මීට අමතරව පසුගියදා සම්මත වූ  සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව 2023 අංක 6 දරන අයවැය කාර්යාලය පනත සහ 2023 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත ලෙස මෙම පනත් කෙටුම්පත් ද්විත්වය බලාත්මක වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද එක්ව සිටියහ.

 

budget-off

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි