රත්නපුර කුඩා ජේසු බිළිඳාගේ කන්‍යාරාම ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ |
දිනය : | 2023-06-26 |
පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ප්‍රජාතන්ත්‍රවාදය, වගකීම සහ වගවීම මෙන්ම ඡන්දය භාවිත කිරීමේ වැදගත්කම සම්බන්ධව ප්‍රායෝගික අවකාශය මෙරට පාසල් ප්‍රජාව වෙත විවර කර දීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය මඟින් සංවිධානය කළ මෙම වැඩටහන පසුගියදා රත්නපුර කුඩා ජේසු බිළිඳාගේ කන්‍යාරාම ජාතික පාසැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මංගල සභාවාරයේදි අභිනව කතානායකවරිය තෝරාපත් කර ගන්නා ලදී. ඉන් අනතුරුව අමාත්‍යවරියන් හා මන්ත්‍රීවරියන් දිවුරුම් දීමෙන් පසු, එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට අදාළව කරුණු දක්වමින් පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීය.
මෙහිදි පාර්ලිමේන්තුව හා එහි ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක සේවා හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විශේෂ දේශනයක් සිදු කළ අතර, මහජනතාව වෙනුවෙන් මන්ත්‍රීවරයන්ගේ නියෝජනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි මෙනවිය විසින් ද පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් හයක ශිෂ්‍ය නියෝජිතයන්, විෂය භාර ආචාර්යවරුන් සහ දෙමාපියන් ද සහභාගී වූ අතර, එම සෑම පාසලකම පුස්තකාල සඳහා පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳව තොරතුරු ඇතුළත් ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කෙරිණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම
















