ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සංශෝධන යෝජනා

දිනය : 2023-06-20

හෙට (ජුනි 21) පාර්ලිමේන්තුවේදී විවාද කොට සම්මත කිරීමට නියමිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංශෝධන යෝජනා ඉදිරිපත් කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ස්ත්‍රීපුරුශ සමාජභාවය පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාව වෙනුවෙන් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දක්වා ඇත්තේ ලිංගික අල්ලස් පිළිබඳ සංකල්පය දූෂණ විරෝධී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉතා සතුටු වන බවයි.

කෙසේ වෙතත්, 2023 ජූනි 21 දිනට නියමිත විවාදයට පෙර සංශෝධනය විය යුතුම ප්‍රමුඛතා දෙකක් හදුනාගෙන ඇති බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දන්වා සිටී.

ඉන් පළමුවැන්න වන්නේ එහි සඳහන් 'ලිංගික අනුග්‍රහය' යන වරදෙහි වෙනසක් විය යුතු බවයි. "අනුග්‍රහය" යන්නෙන් වරද සුලු කරනු ලබන බවත් එබැවින් ඒ වෙනුවට,  'ලිංගික අල්ලස්' යන යෙදුම තුළින් ක්‍රියාවේ/වරදෙහි බරපතලකම මැනවින් දක්වන බැවින් එම යෙදුම ආදේශ කරන ලෙස සංසදය ඉල්ලා සිටී.

දෙවැන්න නම් පනත් කෙටුම්පතෙහි සඳහන් “අල්ලසක් සම්බන්ධයෙන්, අල්ලසක් දෙන පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැක” යන්න අදහස් වන වගන්තිය හේතුකොට ගෙන "ලිංගික අල්ලස" නැමැත්තෙහි ගැබ්වී ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය හේතුවෙන්, ලිංගික අල්ලසක් සම්බන්ධයෙන්, අල්ලසක් දෙන පුද්ගලයාට අසාධාරණයක් විය හැකි බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙයි.

එනිසා ලිංගික අල්ලසක් දෙන පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් ව්‍යතිරේකයක් ඇතුළත් කරන ලෙසද ඉල්ලා සිටින බව මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානයකවරයාට දන්වා සිටී.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි