ඉදිරි අභියෝගාත්මක කාලය ජය ගැනීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා - කාර්ය මණ්ඩලය අමතමින් නව මහලේකම්වරිය පවසයි |
දිනය : | 2023-06-19 |
පැමිණෙන විවිධ අභියෝග මැද මේ රටේ උත්තරීතරම ආයතනයක් වන පාර්ලිමේන්තුවේ කටයුතු උපරිම කාර්යක්ෂමතාවකින් ඉටු කිරීම සදහා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම උපරිම සහය අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පසුගියදා පැවසුවාය.
ධුරයට පත්වීමෙන් පසු ප්‍රථමවරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අමතමින් පසුගියදා (ජුනි 13) ඇය මේ බව ප්‍රකාශ කළාය.
විශේෂයෙන් අත්දැකීම් බහුල පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉදිරි වසර කිහිපය තුළ විශ්‍රාම යාමට නියමිත බැවින් ඇතිවන තත්ත්වයන් කලමනාකරණය කරමින් උපරිම සේවයක් ලබාදීමේ අවශ්‍යතාව ඇය පෙන්වා දුන්නාය.
එසේම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සදහා පරිපාලන සේවයේ නිලධාරීන් බඳවා ගන්නා බවට පළ වූ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මහලේකම්වරිය මෙහිදී අවධාරණය කර සිටියාය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










