ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව ලබන 20 සිට 23 දක්වා රැස්වෙයි

දිනය : 2023-06-16

  • දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජූනි 21
  • පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජූනි 20
  • ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ජූනි 22

 

ලබන ජූනි 20 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

ජූනි 20 වැනි අගහරුවාදා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව ප.ව. 5.00 ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීම සිදුවේ.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.   

ජුනි මස 21 වැනි බදාදා පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට මෙහිදී තීරණය වී තිබේ.

අනතුරුව ප.ව. 5.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද තිබේ.

ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව 2023.06.01 දින ගරු ජනාධිපතිතුමා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද තීරණය විය.

ජුනි මස 23 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා පළ කිරීමටයි. මේ අනුව එදින පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ගරු ලැරීන් පෙරේරා මහත්මිය, ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා, ගරු බුද්ධික කුරුකුලරත්න මහතා සහ ගරු මුත්තු සිවලිංගම් මහතා වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමටට කාලය වෙන්කර තිබේ.     

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි