ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ කෙවින් ඩෙවෝක්ස් මහතා කථානායකතුමා හමුවෙයි

දිනය : 2023-06-15

කැනඩාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පාර්ලිමේන්තු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙක් වන කෙවින් ඩෙවෝක්ස් මහතා සහ සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගිය ජුනි 14 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම හමුවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මෙනවියද එක්ව සිටියාය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහනධීර, සහකාර මහලේකම් හංස අබේරත්න සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි ප්‍රතිපත්ති විශේෂඥ සහ පාලන ප්‍රධානී චන්ද්‍රිකා කරුණාරත්න, යන මහත්ම මහත්මීන් සහ කථානායකතුමාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය චමීර යාපා මහතා ද සහභාගී විය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි