“මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන” ග්‍රන්ථයේ නවවැනි වෙළුම කථානායකතුමා වෙත පිළිගැන්වේ |
දිනය : | 2023-06-13 |
ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ සංසදය මගින් ප්‍රකාශයට පත් කරන, "මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන" ග්‍රන්ථයේ නවවැනි වෙළුම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (ජුනි 12) කථානායක නිල නිවසේ දී සිදු කෙරිණි.
ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා විසින් සංස්කරණය කරනු ලබන "මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන" ග්‍රන්ථයේ නවවැනි වෙළුම විෂය ප්‍රමාණික විද්වතුන් 26 දෙනෙකුගේ ලේඛන දායකත්වයෙන් සමන්විත වේ.
මෙම අවස්ථාවට නාලන්දාරාමාධිපති අතිපූජ්‍ය තීනියාවල පාලිත හිමි, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා, මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති කථිකාචාර්ය සාලිය පීරිස් මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, තුමිලන් ශිවරාජ් මහතා, ජේෂ්ඨ මාධ්‍යවේදී සංඛ අමරජිත් මහතා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










