ගරු කථානායකතුමා සහ තුර්කි නව ජනාධිපතිවරයා අතර හමුව |
දිනය : | 2023-06-05 |
තුර්කියේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන එරට ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතිගරු රිජෙබ් තයිඛ් ඒර්ඩෝආන් (Recep Tayyip Erdog'an) මහතා රාජකාරි ආරම්භ කිරීමේ නිල රාජ්‍ය උත්සවය සඳහා එරටින් ලැබූ ආරාධනයකට අනුව ගරු කථානායකතුමන් ඊයේ දින (ජූනි 04) ඊට සහභාගී විය.
එම හමුවේ දී වසර ගණනාවක් පැරණි දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරනු වස් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට අභිනව ජනාධිපතිවරයා හට කථානායකතුමන් විසින් ආරාධනා කළ අතර පසුගිය දින ලොවම සලිත කළ තුර්කි මහා භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට ඉදිරිපත් වු ශ්‍රී ලංකා රජයටත් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ටත් වෛද්‍යවරුන් හා හෙදියන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් තුර්කි ජනතාව වෙනුවෙන් එරටේ විශේෂ ස්තූතිය ඒර්ඩෝවාන් ජනාධිපතිතුමා විසින් කථානායකතුමා වෙත පිරිනමන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







