පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත් වූ කුෂානි රෝහණදීර මහත්මියට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජූලි චංග් මහත්මිය සුබ පතයි |
දිනය : | 2023-06-02 |
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජුලි චංග් මහත්මිය, පාර්ලිමේන්තුවේ නව මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය හමුවී සුබ පැතුම් එක් කළාය.
තානාපතිවරිය අද (ජූනි 02) පාර්ලිමේන්තුවේ දී මහලේකම්තුමිය හමුවෙමින් පවසා සිටියේ ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීම සදහා නිරතුරුව සහය ලබා දෙන බවයි.
පැවති සුහද සාකච්ඡාවේදී කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පුළුල් වී ඇති අතර නව කාරක සභා රැසක් ක්‍රියාත්මක වන බවයි. රාජ්‍ය පාලන ක්‍රියාවලියට තරුණයින් සම්බන්ධ කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් මෙන්ම අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.
රෝහණධීර මහත්මියගේ පත්වීම කාන්තා ප්‍රජාවට මෙන්ම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් පැවති සුහද සාකච්ඡාවේදී තානාපතිවරිය සදහන් කළාය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








