හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රණාමය පුද කෙරේ |
දිනය : | 2023-05-30 |
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරයට සහ 29 වසරක සිය පාර්ලිමේන්තු සේවයට පසුගිය මැයි 23 වැනිදා සමුදුන් ධම්මික දසනායක මහතාගේ මෙහෙවර ඇගයීමේ සහ විශ්‍රාම දිවියට සුභපැතුම් පිරිනැමීමේ උත්සවයක් පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ වත්මන් මහ ලේකම් කුෂානි රෝහණදීර, වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ටිකිරි ජයතිලක සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලවලට අයත් නිලධාරින් ද මහලේකම්වරයාගේ මෙහෙවර ඇගයීමට සහ ඔහුගේ විශ්‍රාම දිවියට සුභපැතුම් පිරිනැමීමේ අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම
















