ගරු කථානායකතුමාගේ නිවේදන |
දිනය : | 2023-05-23 |
පාර්ලිමේන්තුව අද (මැයි 23) පෙරවරු 9.30 ට රැස්වූ අතර එහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පහත සඳහන් නිවේදන ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(5)(ඇ) ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දැරූ, ධම්මික දසනායක මහතා, එම ධුරයෙන් 2023 මැයි 23 දින සිට විශ්‍රාම ගිය බව කථානායකතුමා පාරලිමේන්තුවට දැනුම් දුන්නේය. ධම්මික දසනායක මහතාගෙන් ලැබී ඇති 2023 මැයි 17 දිනැති ලිපියද කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(1) ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ගරු ජනාධිපතිතුමා විසින් කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් කර ඇති බවද කථානායකතුමා නිවේදනය කළේය.
එයට අමතරව “ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත දැක්වෙන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් නම් කරන ලද බවද කථානායකතුමා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය. ඒ අනුව ගරු රංජිත් සියඹලාපිටිය, ගරු අනුප පස්කුවල්, ගරු අශෝක් අබේසිංහ, ගරු බී. වයි. ජී. රත්නසේකර, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු රාජිකා වික්‍රමසිංහ, සහ ගරු සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීන් ඒ සඳහා පත් කොට තිබේ.
“කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවද කථානායකතුමා දන්වා සිටියේය. ඒ අනුව ගරු විදුර වික්‍රමනායක, ගරු ප්‍රසන්න රණවීර, ගරු ගයන්ත කරුණාතිලක, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු කේ. සුජිත් සංජය පෙරේරා, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් මෙලෙස පත් කොට තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, 2023 මැයි 23 එනම් අද දින “රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බවද කථානායකතුමා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






