ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත කෙරේ

දිනය : 2022-09-26

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් මේ වන විට සීමා සහිතව ඉවත් කොට තිබේ.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා අවසර ලබාදී තිබේ.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා විශාල උද්‍යෝගයක් මහජනතාව අතර ඇති බව පසුගිය දින කිහිපය තුළ ඒ සඳහා ලැබී තිබුණු ඉල්ලීම් විශාල සංඛ්‍යාවෙන් තහවුරු වේ.

මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින් ආදී පිරිස් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව අද (26) කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන් සියයකට අධික පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියහ.

කොවිඩ් වසංගතය හේතුකොටගෙන 2020 මාර්තු මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා  මහජනත‍ාව වෙත පනවන ලද සීමාවන් පසුගිය 20 වැනිදා ලිහිල් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පළමු සිසු කණ්ඩායම වන්නේ කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන්ය. මෙම අධ්‍යයන චාරිකාවේදී සිසුවියන් හට මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට අවස්ථාව ලද අතර එහිදී සභාගර්භය පිළිබඳ දැනුවත් කිරිමද සිදුවිය. එයට අමතරව සෙංකෝලය, සභා ගර්භයට මෙපිටින් ඇති ආලේඛ්‍ය චිත්‍ර සහ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන රිදී දොරටුවද නරඹා දැනුවත් වීමේ අවස්ථාවද සිසුවියන් වෙත හිමි විය.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින්ට ද මෙම පහසුකම ලබාගත හැකිය.

 

2 3

4 9

12 13

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි